කාලය - විනාඩි 80
ශ්‍රේණිය - 1 ශ්‍රේණිය
පාඩම - නිවසට එන සතුන්
ඒකකය -අප අවට සතුන්
ඉගෙනුම් ඵල - සතුන්ගේ හඩ වලට සවන් දී එම සතුන් හදුනාගෙන නම් ප්‍රකාශ කරයි.
සත්ව ඡායාරුප නරඹා එම සතුන්ගේ නම් පවසයි.
සතුන් කීප දෙනෙක් අතරින් නිවසට එන, නොඑන සතුන් කවුදැයි හදුනගෙන
අවබෝධයෙන්වෙන වෙනම වෙන්කරයි.
සතුන්ගෙන් ලැබෙන ප්‍රයෝජන කණ්ඩායමක් ලෙස එකතු වී සාකච්ඡා කරයි.
සතුන්ගේ ඇති ප්‍රයෝජන දැක්වෙන වීඩියෝ පටයක් කැමැත්තෙන් නරඹා
අන්තර්ගතය ප්‍රකාශ කරයි.
සතුන්ට හානි නොකළයුතු බවත් සතුන් ආරක්ෂා කලයුතු බවත් දැනගෙන
ප්‍රකාශ කරයි.
කණ්ඩායමක් ලෙස එකතු වී නිවසට එන සතුන් දෙදෙනෙකු ඇද පාට කරයි.
ඉවතලන දේ භාවිතයෙන් සතෙකු නිර්මාණය කරයි.
පියවර 1 - විවිධ සතුන්ගේ හඩ වලට සවන්දීමට සිසුන්ට අවස්ථාව ලබා දීම. එම හඩ මගින් සතුන් හදුනාගැනීමට සිසුන්ට ඉඩදීම. සිසු පිළිතුරු උපස්තම්භනය කිරීම. එසේ නම් අද අපි අපේ නිවාස අසලට එන සතුන් ගැන ඉගෙන ගනිමු යයි පවසා පාඩමට ප්‍රවේශ වීම.
සතුන්ගේ හඩ වීඩියෝව (5 min)
පියවර 2 - සතුන්ගේ ඡායාරුප සිසුන්ට ප්‍රදර්ශනය කර එමගින් නිවසට එන සතුන් නිවසට නොඑන හදුනාගෙන එම සතුන් වෙන වෙනම වගුවක දක්වීමට අවස්තාව දීම.
( 10min)
පියවර 3 - සිසුන් කණ්ඩායම් කර එක එක කණ්ඩායමට ඩිමයි කොළ සහ පාට ලබා දී තම නිවාස අසල පරිසරයේ වෙසෙන සතුන් දෙදෙනෙක් සිතුවමට නැගීමට අවස්ථාව දීම. සිසු ක්‍රියාකාරකම් අගය කිරීම. එක එක කණ්ඩායම පන්තිය ඉදිරියට කැදවා ඔවුන්ගේ නිර්මාණ ප්‍රදර්ශනය කිරීමට අවස්ථාව ලබා දීම. (20 min)
පියවර 4 - සතුන්ගෙන් ලැබෙන ප්‍රයෝජන ගැන සිසුන්ගෙන් විමසීම. සිසු පිළිතුරු අගය කිරීම.එම ප්‍රයෝජන ගැන කණ්ඩායමේ මිතුරන් සමග සාකච්චා කිරීමට අවස්ථාව ලබා දීම. පසුව සතුන්ගෙන් ලැබෙන ප්‍රයෝජන ඇතුලත් වීඩියෝ පටයක් නැරඹීමට සිසුන්ට අවස්ථාව ලබා දීම. (15 min)
සතුන්ගෙන් ලැබෙන ප්‍රයෝජන වීඩියෝව
පියවර 5 - ඉවතලන පොල් කටු, වීලුනු කොළ, ගම් , පාට, ඒ ෆෝ කොළ ආදිය සිසුන්ට ලබා දී ඒවගෙන් තම කැමති සතෙක් නිර්මාණය කිරීමට අවස්ථාව ලබා දීම.සිසුන්ගේ වැඩ ප්‍රධර්ශනය කිරීම. (25 min)
පියවර 6 - සිසුන්ගෙන් ප්‍රශ්න අසමින් සෑම පියවරක්ම නැවත මතක් කරමින් පාඩම සාරාංශ කිරීම. (5min)














No comments:
Post a Comment